අත්‍යාවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට
6 days ago
Share on
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දැමීමට සතොස ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව දිවයින් පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ ජනතාවට ලබා ගත හැක.
මෙම මිල පහත හෙළීම හෙට(26) දින සිට ක්‍රියාත්මක බව සතොස ආයතනය සඳහන් කරයි.
මිල පහළ දැමූ භාණ්ඩ ලැයිස්තුව පහත දැක්වේ.
*වියළි මිරිස් 1kg - රු.1700
*සුදු කැකුළු (දේශී) 1kg - රු.169
*රතු කැකුළු 1kg - රු.179
*සුදු නාඩු (දේශීය) 1kg - රු.184
*රතු පරිප්පු 1kg - රු.365
*කීරි සම්බා 1kg - රු.235