brand logo
logo
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

31 August 2026


ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම හෙට (01) දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.


මෙම පෙත්සම් විමර්ශනය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.


අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය උසුලන මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් කටයුතු කරති.

 

More News..