අතරමඟ නැවතූ නිවාස ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන වෙන් කෙරේ
3 months ago
Share on
නිවාස ණය හා ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කර, අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ , 2020, 2021 හා 2022 යන වසරවල ආරම්භ කළ ව්‍යාපෘති සඳහා එම ප්‍රතිපාදන හිමිවන බවයි.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගෙන නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ය.