පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
28 November 2026
පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
28 November 2026
අද (28) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.
අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 06 වැනි දිනය අදයි.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය පසුගිය 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය 13 වැනිදා සිට ආරම්භ කෙරිණි.
දින 7ක කාලයක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව ඒ පිළිබඳ ඡන්ද විමසීම ඉකුත් 20 වැනිදා පස්වරුවේ පැවැත්වුණු අතර, එහිදී 2027 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් හිමි විය.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය පසුගිය 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වේ.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට මෙම අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඒ අනුව, 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම වන තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.


