brand logo
logo
 ආණ්ඩුව පරාජය කිරීමට සුදුසුම කණ්ඩායම සර්වජන බලයයි – දිලිත් ජයවීර

ආණ්ඩුව පරාජය කිරීමට සුදුසුම කණ්ඩායම සර්වජන බලයයි – දිලිත් ජයවීර

20 October 2026


වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට හැකි, සුදුසුම කණ්ඩායම ''සර්වජන බලය'' බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.


සර්වජන බලය, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, දොම්පේ සහ මීගමුව ආසන සඳහා සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය අද (20) කොළඹදී සිදුකෙරුණි.  


එම උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ජනතාව ගත් වැරදි තීරණ වාර්ථමානයේ දී ඔවුන් විසින්ම නිවැරදි කරමින් සිටින බවය.


“අපේ ගරු ජනාධිපතිතුමා හැම තැනම කියන කතාවක් තමයි, අපිව පරද්දන්න පරණ අයට බෑ. ඇත්ත? අපි නෑ කියලා නෑ. පරණ දේශපාලන ව්‍යාපාරයට මාලිමාව පරද්දන්න බෑ. අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ජනාධිපතිතුමා කියන විදිහටම අපිට වැඩිය හොඳ වෙන්න ඕනේ. ඉතින් ඊට වැඩිය දස් ගුණයක් හොඳයි අය මේ ඉන්නේ. මේ ඉන්නේ සියලුමදෙනා තමන්ගේ ශ්‍රමයෙන්, තමන්ගේ ආත්ම විශ්වාසයෙන් ගොඩ ආපු අය නේ. කාගෙන්වත් ඉල්ලන් කෑපු අය නෑනේ. ඉතින් හොඳ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ කණ්ඩායමේ අභිලාෂය, අපේක්ෂාව මොකක්ද? හොරකම් කරන්නද? දූෂණය කරන්නද? බලයාව අවභාවිතා කරන්නද? නෑ මේ කිසි කෙනෙකුට එහෙම එකක් අවශ්‍ය නෑ. ඇයි? මේ ගොඩක්දෙනා සිවිල් සමාජයේ සිවිල් බලය තියෙන අය දැනටමත්. දැන් අපේ කැපකිරීමේ මට්ටම වෙන මට්ටමකට ගිහිල්ලා තියෙන්නේ. මොකද හේතුව? අපිට විශාලා වශයෙන් දැන් මර්දනයක් එල්ල වෙමින් පවතිනවා. විශාල මර්දනයක්. පෞද්ගලිකව මට මර්දනය දැන් දියත් කරලා තියෙනවා. ඉතින් මේවා තමයි අපි කරපු, කරන කැප කිරීම්. හැබැයි මේ රටේ මිනිස්සු වැරදි තීරණ අරන් ඇති. හැබැයි ගත්ත වැරදි තීරණ ඔවුන් වේගයෙන් නිවැරදි කරලා තියෙනවා.”




 

More News..