brand logo
logo
පාකිස්තානයේ දරුණු බස් රථ අනතුරක්

පාකිස්තානයේ දරුණු බස් රථ අනතුරක්

06 November 2026


පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ සිදුවූ දරුණු ‍රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 33 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට සහන සේවා නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මුල්තාන් සිට කසූර් දක්වා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් අධික වේගයෙන් පැමිණි තවත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.


එහිදී බස් රථය පෙරළී ගොස් ඇති අතර, එහි සිටි මගීන් රැසක් රථයේ සුන්බුන් අතර සිරවී තිබේ.

තුවාල ලැබූවන් හදිසි ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි.

 

 

More News..