රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
24 March 2026
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
24 March 2026
මැදපෙරදිග ප්‍රධාන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) බලාගාරයට වෙත එල්ල වූ මිසයිල් ප්‍රහාරවලට අනතුරුව කටාර් බලශක්තිය විසින් “Force Majeure” තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය වෙත සිදුකරන LNG සැපයුම් තාවකාලිකව නතර කර ඇත.
පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල සිදු වූ මෙම ප්‍රහාරවලින් LNG නිෂ්පාදන ඒකක දෙකක් සහ ගෑස්-ටු-ලික්විඩ්ස් ඒකකයක් දැඩි ලෙස හානි වී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමෙන් පසු කටාර් බලශක්තිය සම්පූර්ණ හානිය තක්සේරු කිරීම සහ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය කාලසීමාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව සඳහන් කර ඇත.
“Force Majeure” ප්‍රකාශය යටතේ, සමාගමට තම පාලනයෙන් බැහැර වූ තත්ත්වයන් හේතුවෙන් ගිවිසුම්ගත වගකීම් තාවකාලිකව නවතා දැමීමට හැකි වන අතර, මෙම තත්ත්වය ගෝලීය ශක්ති වෙළඳපොළටද බලපෑම් එල්ල කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

