සිරියාවේ හිටපු ජනපතිට මරණ දඬුවම
11 August 2026
සිරියාවේ හිටපු ජනපතිට මරණ දඬුවම
11 August 2026
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබේ.
සිරියානු අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර, අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාග කර මෙම දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
වසර 14ක් පුරා පැවති සිවිල් යුද්ධයේදී සිදුවූ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම මරණ දඬුවම නියම කර ඇති අතර, එම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි වී තිබේ.
මේ අතර, 2011 වසරේ දාරා (Daraa) ප්‍රදේශයේ විරෝධතා මර්දනය කිරීමට නායකත්වය දුන් අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ් (Atef Najib) වෙතද මරණ දඬුවම නියම කර ඇත.
අසාද් සහ ඔහුගේ සහෝදරයා මේ වනවිට රුසියාවට පලාගොස් සිටින අතර, අත්අඩංගුවට ගෙන ඇති නජීබ් බන්ධනාගාර ඇඳුමින් සැරසී අධිකරණ කූඩුවේ සිටියදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

