රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම ගැන සාකච්ඡාවක්
23 September 2026
රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම ගැන සාකච්ඡාවක්
23 September 2026
ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳ මූලික සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අද (23) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනා ඇති රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින්, එහි පෞරාණික අනන්‍යතාවය හා ඒ ආශ්‍රිත පාරිසරක පද්ධතිය සුරැකෙන පරිදි විධිමත් සංවර්ධන සැලසුම් සකස් කර සංචාරක ආකර්ෂණය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.
මේ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කෙටි කාලයක් තුල සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය.

