brand logo
logo
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට පත්කර ගැනීමට නියමිතයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට පත්කර ගැනීමට නියමිතයි

24 November 2024 | නිලන්ත මදුරාවල

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ගැනීම සඳහා කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේ දී හෙට (25 වැනිදා) රැස් වෙති.


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පත් කෙරෙන්නේ මෙම තේරීම් කාරක සභාවෙනි. එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ කාරක සභාව ද පත් කිරීමේ වගකීම පැවැරී ඇත්තේ මෙම තේරීම් කාරක සභාවට ය.


කථානායකවරයා තේරීම් කාරක සභාවේ සභාපති ලෙස නිල බලයෙන් පත් කෙරෙන අතර සෙසු දේශපාලන පක්ෂ නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයෝ මෙම කාරක සභාවට අයත් වෙති.

 

More News..