brand logo
logo
දෙමටගොඩ කළු පාලම යටදී සිදුකළ වෙඩිතැබීමේ තොරතුරු

දෙමටගොඩ කළු පාලම යටදී සිදුකළ වෙඩිතැබීමේ තොරතුරු

17 September 2026

දෙමටගොඩ, කළු පාලම යටදී සිදුකළ වෙඩිතැබීම කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට ගොඩ වූ පුද්ගලයෙකු විසින් සිදුකළ එකක් බවට පොලීසිය සැකපළ කරයි.


අද පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.


මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

 

More News..