brand logo
logo
 සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කරයි

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කරයි

23 September 2026


මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ 'C' කොටසේ නිවසක අද (23) රාත්‍රියේ ඇතිවූ ගින්නේ තවත් කරුණු අනාවරණය වී තිබේ.


මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ 'C-4' නිවසේ මහල් නිවාසයේ පහළ මහලේ වම් පස කෙළවරේ පිහිටි නිවසක්ය.


අනතුරෙන් ඉහත නිවසේ පදිංචිව සිටි බිරිඳ, ස්වාමි පුර්ෂයා සහ ඔවුන්ගේ දරුවෙකු තුවාල ලැබූ අතර, ඉන් ස්වාමිපුරුෂයා ජීවිතක්ෂයට පත්විය.


මේ අතර මෙම ගිනිගැනීමට ලක්වූ නිවසේ ගෑස් සිලින්ඩර් 20කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර, එම නිවසේ එතරම් ප්‍රමාණයක් තිබූ බව අවට නිවැසියන්ද නොදන්නා බව පැවසේ.


මොරටුව ගිනිනිවීමේ ඒකකය විසින් මේ වනවිටත් ගින්න පාලනය කර ඇති අතර, ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

More News..