brand logo
logo
වතුකම්කරුවන්ට බඹර ප්‍රහාරයක් - එක් අයෙකු ජීවිතක්ෂයට

වතුකම්කරුවන්ට බඹර ප්‍රහාරයක් - එක් අයෙකු ජීවිතක්ෂයට

21 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


ලිදුල ඕල්ට්‍රීම් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 8 දෙනෙකුට බඹර ප්‍රහාරයක් අද (21) දින එල්ල වී ඇති බවත්, ඉන් තුවාල ලැබු එක් වතුකම්කරුවෙක් ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමේදි ජීවිතක්ෂයට පත්ව සිටි බව ලිදුල පොලිසිය පවසයි.


පවතින අයහපත් කාලගුණයත් සමග තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක් එක්වරම ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි වතුකම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පැවසීය.


මෙසේ බඹර ප්‍රහාරයකින් මිය ගොස් ඇත්තේ ලිදුල ඕල්ට්‍රීම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචි එස්.සුභ්‍රණියම් නැමත් 77 හැවිරිදි තිදරු පියෙකි.


තුවාල ලැබූ සෙසු වතුකම්කරුවන් 7දෙනා ලිදුල ප්‍රාදේශීය රෝහලේ බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවූ බව ලිදුල රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

 

More News..