බණ්ඩාරගම අසේල' ගිනිඅවියක් සමග අත්අඩංගුවට
15 November 2026
බණ්ඩාරගම අසේල' ගිනිඅවියක් සමග අත්අඩංගුවට
15 November 2026
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අවිශ්ක නොහොත් ඇල්පාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ 'බණ්ඩාරගම අසේල' පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු වන ඔහු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
පානදුර කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව රයිගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.
විදෙස්ගතව සිටින අවිශ්ක නොහොත් 'ඇල්පා'ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අවිආයුධ ප්‍රවාහනය ඇතුළු අපරාධ ගණනාවකට මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය විසින් සැකකරුගේ නිවස වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී සිදුකළ ප්‍රශ්නකිරීමේදී එම ගිනිඅවිය ප්ලාස්ටික් බටයක බහා සඟවා තිබියදී සොයාගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බණ්ඩාරගම පොලිසියට භාරදීමට නියමිතය


