ඉන්දියාවෙන් නේපාලයට බිලියන 240ක ආර්ථික පැකේජයක්
23 November 2026
ඉන්දියාවෙන් නේපාලයට බිලියන 240ක ආර්ථික පැකේජයක්
23 November 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා අතර අද (23) නවදිල්ලියේදී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, නේපාලයට නේපාල රුපියල් බිලියන 240ක් වටිනා ආර්ථික පැකේජයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර ඇති බව අගමැති මෝදි නිවේදනය කර සිටියේය
පසුගිය මාර්තු මාසයේදී නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු බාලේන්ද්‍ර ෂා නිරත වන පළමු නිල ද්විපාර්ශ්වික විදෙස් සංචාරය මෙයයි.
දෙරට අතර ගුවන් ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම, ආපදාවලින් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර ලබාදීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙම නිල සංචාරයේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ .
නේපාලයේ භෛරහවා සහ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල ගුවන් සබඳතා වැඩිදියුණු කිරීම සඳහා අමතර ගුවන් ප්‍රවේශ මාර්ග අත්‍යවශ්‍ය බව නේපාල බලධාරීන් පෙන්වා දී ඇති අතර, විශේෂයෙන් ඉන්දීය ගුවන් සීමාව හරහා අමතර ගුවන් ප්‍රවේශ මාර්ග ලබාදෙන ලෙස නේපාලය දිගු කලක සිට ඉල්ලීම් කර ඇති බවයි 'ද කත්මන්ඩු පෝස්ට්' පුවත්පත වාර්තා කරන්නේය .
ඒ අනුව මෙම සංචාරය ඉන්දියාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


