Best News Website award
brand logo
logo
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට 6වැනි වරටත් බාධා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට 6වැනි වරටත් බාධා

27 November 2026


පාකිස්තානයේ සත්කාරකත්වයෙන් එළැඹෙන 2027 වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබූ 14වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල්දැමීමට සිදුවන බව පාකිස්තාන ඔලිම්පික් සංගමය නිවේදනය කර ඇති අතර මේ වනවිට ක්‍රීඩා උළෙල 2021 වසරේ සිට අවස්ථා 6කදී පමණ කල්දමා තිබීම කැපී පෙණෙන කරුණකි.


ක්‍රීඩා උළෙල ලාහෝර් සහ ඉස්ලාමාබාද් හිදී අප්‍රේල් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට තිබූ නමුත්, සෞදි අරාබියේ රි‍යාද් හිදී එළැඹෙන මාර්තු මස 28 සිට අප්‍රේල් මස 8 වැනිදා දක්වා පැවැත්වෙන 6වැනි ආසියානු ගෘහස්ත ආත්මාරක්ෂක සටන් කලා ක්‍රීඩා උළෙල හේතුවෙන්, ක්‍රීඩා උළෙල දෙකටම සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව සලකා බලා මෙලෙස කල් දැමීමට තීරණය කර ඇති බව පැවසේ.


දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නව කාලසටහන පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව නිවේදනය කරනු ලබන බව පාකිස්තාන ඔලිම්පික් සංගමය සඳහන් කර ඇත. පළමුව 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කොවිඩ්-19 වසංගතය ඇතුළු හේතූන් මත 2023 මාර්තු මාසයට කල් දැමුණු අතර පසුව, 2024 මාර්තු මාසයටත්, 2026 ජනවාරි මාසයටත්, 2027 මාර්තු මාසයටත් ඉන් අනතුරුව 2027 අප්‍රේල් මාසයටත් කල් දැමිණි.

 

More News..