Best News Website award
brand logo
logo
සා/පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට අවසන් දිනය 30

සා/පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට අවසන් දිනය 30

28 November 2026 | නිලන්ත මදුරාවල

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල පවතින සංශෝධන මෙම මස 30 වැනිදාට පෙර කර ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය  කරයි.


මේ බව යළි අවධාරණය කිරීමට සිදුව ඇත්තේ ඇතැම් විදුහල්පතිවරුන් සංශෝධන කටයුතු සඳහා පාසල් අයදුම්කරුවන් දෙපාර්තමේන්තුවට එවීම ය.


පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධන විදුහල්පතිවරුන් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස කළ යුතු වන අතර පෞද්ගලික අයදුම්කරුවන් වෙබ් අඩවියට පිවිස සිය ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධන කර ගත යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.


සිය නමෙහි වෙනසක් තිබෙන අයදුම්කරුවන් විභාගයට පෙර සංශෝධනය කර ගැනීම අනිවාර්ය වන අතර කිසිදු හේතුවක් මත විභාගයෙන් පසුව නාම සංශෝධන නොකිරීමට ද දෙපාර්තමේන්තුව  තීරණය කර තිබේ.


මේ සම්බන්ධයෙන් යම් විමසීමක් කරන්නේ නම් 1911, 0112785208 හෝ 0112784537 යන දුරකථන අංක අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වේ. 

 

More News..