කතරගමට එන බැතිමතුන්ට විවෘත කළ යාල සහ කුමන වන උද්‍යාන අද යළි වැසේ
24 July 2026 | අවිෂ්කා සන්දිපණි දේවප්‍රිය- කතරගම
කතරගමට එන බැතිමතුන්ට විවෘත කළ යාල සහ කුමන වන උද්‍යාන අද යළි වැසේ
24 July 2026 | අවිෂ්කා සන්දිපණි දේවප්‍රිය- කතරගම
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන පාද යාත්‍රා බැතිමතුන් සඳහා විවෘත වූ කුමන හා යාල වන උද්‍යානය අද (24 වැනිදා) නැවත වසා දැමීම සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මදුසංක පැවසීය.
පසුගියදා (10 වැනිදා) උද්‍යාන විවෘතවීමත් සමග බැතිමතුන් 45582 දෙනකු පා ගමනින් කතරගම පුදබිම වෙත පැමිණ ඇති අතර එලෙස පාද යාත්‍රාව ඔස්සේ බැතිමතුන් වැඩිම පිරිසක් පැමිණ වසර මෙය බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිෂාන්ත සඳහන් කළේය.