මඩකලපුවේ ජල සැපයුම පැය 4කට සීමා කෙරේ
31 August 2026
මඩකලපුවේ ජල සැපයුම පැය 4කට සීමා කෙරේ
31 August 2026
මඩකලපුව දිස්ත්‍රික්කයේ උනච්චි වැවේ ජල මට්ටම පහළ යාමත් සමඟ ප්‍රදේශයේ ජල සැපයුම දිනකට පැය 4ක කාලයක් සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි සභාපති ඒ. එම්. පී. සි. ටී. බණ්ඩාර මහතා සඳහන් කළේ, උනච්චි වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් දිනපතා පෙරවරු 11.00 සිට පස්වරු 3.00 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවය.
කෙසේ වෙතත්, දිවයින පුරා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
එම මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයෙන් ජලය නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ දිනකට ජලය ඝන මීටර් ලක්ෂ 28ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉන් සියයට 23ත් 24ත් අතර ප්‍රමාණයක් මහා ජලාශවලින් ලබාගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.
තවත් සියයට 65කට ආසන්න ප්‍රමාණයක් ගංගා සහ ඇළදොළ ආශ්‍රිත ජල මූලාශ්‍රවලින් ලබාගන්නා බවත්, ඉන් ඝන මීටර් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවත් ඔහු පැවසීය.
දිවයින පුරා ලබාගන්නා ජලයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

