Best News Website award
brand logo
logo
මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් 11දෙනෙකු මරුට

මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් 11දෙනෙකු මරුට

22 November 2026


මෙක්සිකෝවේ සිනාලෝවා ප්‍රාන්තයේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයෙකු වන ෆවුස්ටෝ ඉසිඩ්‍රෝ මෙසා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුර පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.


මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ 20වනදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ එම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ බවට සැක කෙරෙන සන්නද්ධ සාමාජිකයන් හත්දෙනෙකු සහ මෙක්සිකානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මියගොස් ඇති බවය.


මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුර මෙක්සිකානු ආරක්ෂක අංශ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ සන්නද්ධ සාමාජිකයන් අතර පැය කිහිපයක් පුරා වෙඩි හුවමාරු සිදුව ඇති අතර, ගුවාසාවේ නගරයේ මාර්ග අවහිර කිරීම් සහ ට්‍රක් රථ ගිනි තැබීම් ද වාර්තා වී තිබේ.


මෙසා ෆ්ලෝරස්ට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන මෙක්සිකෝ නගරය වෙත රැගෙන ගොස් තිබේ.

 

More News..