brand logo
logo
ගෝල් ගැලන්ට්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට

ගෝල් ගැලන්ට්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට

20 July 2026


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ රැදී සිටීමට ගෝල් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබේ.


ඔවුන් මුහුණදුන් තරග දෙකම ජයගෙන හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.


දඹුල්ල සික්සර්ස් කණ්ඩායම තරග 2ක් ක්‍රීඩාකර ඉන් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ දළ ලකුණු ලබාගැනීම 0.170ක් තිබීම හේතුවෙනි.


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ කලම්බෝ කැප්ස් කණ්ඩයාම වේ.


ඔවුන් ද එක් තරගයක් පමණක් ජයගෙන ඇති අතර, දල ලකුණු ලබාගැනීමේ වේගය -0.054කි.


සිව්වැනි ස්ථානයේ රැදී සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද එක් තරගයක් ජයගෙන සිටියි.


තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග 2කම එකම කණ්ඩායම බවට පත්වෙනමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින්නේ කැන්ඩි රෝයල්ස් කණ්ඩායමයි.


 

More News..