Best News Website award
brand logo
logo
නිවාස සහ නාගරික සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

නිවාස සහ නාගරික සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026

නිවාස සහ නාගරික සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා


අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා " තමන්ගෙම තැනක් -ලස්සන ජීවිතයක්" වැඩසටහන යටතේ නිවාස 70,000 ක් ඉදිකිරීම බලාපොරොත්තු වෙනවා.


දැනට ආරම්භ කර ඇති මෙම වැඩසටහන තුළ 2027 වසරේ නව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරනවා.


නිවසක් වෙනුවෙන් ලබා දුන් ආධාරය රු. ලක්ෂ 10 සිට රු. ලක්ෂ 15 දක්වා වැඩි කරන අතර ඒ වෙනුවෙන් දැනට වෙන් කර තිබෙන ප්‍රතිපාදනය රු. මිලියන 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.


යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් 13,000ක් තවමත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කර නොමැති එම පවුල් වසර 2ක් තුළ නැවත පදිංචි කර අවසන් කිරීමට රු. මිලියන 6,000ක් වෙන් කර ඇති අතර තවත් රු මිලියන 4,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

දිට්වා නිවාස ව්‍යපෘතිය යටතේ නිවාස ඉදිකිරීම සඳහා රු. මිලියන 90,000ක් පරිපුරක ඇස්තමේන්තුව මඟින් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.


නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 16,000කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් පූර්ණ වශයෙන් අවසන් කර ඇති අතර තවත් නිවාස 5,000ක ඉදිකිරීම් අර්ධ වශයෙන් අවසන් කර තිබෙනවා.

මීතොටමුල්ල සහ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශවල නව නිවාස සංකීර්ණවල ඉදිකිරීම් ආරම්භ කිරීම ද යෝජනා කරනවා. මේ සියලු නිවාස ව්‍යාපෘති සඳහා රු. මිලියන 26,820 ක් වෙන් කර තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්, මාලිගාවත්ත සහ යක්කල ප්‍රදේශවල නව මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති 2ක් පෙර විකුණුම් ක්‍රමවේදය මත 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

නගර 19 ක්, ත්‍රිකුණාමලය, කන්තලේ, කල්මුණේ, දෙහිවල, කළුතර, පානදුර, මතුගම, මහරගම, රත්නපුර, කෑගල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, ගාල්ල, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තණ්ඩිය, කිරිබත්ගොඩ සහ නුවර එළිය නගර, සංවර්ධන කටයුතුවලට රු.මිලියන 65,000 ක ව්‍යාපෘති ඇස්තමේන්තුවකින් ලබාදී ඇති ප්‍රතිපාදනයන්ට අමතරව 2027 වසරට රු. මිලියන 5,000ක්.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන හා තමන්ගේ ව්‍යාපාරයක යෙදෙන පවුල්වල නිවාස ගැටලුව විසඳීම සඳහා රජය, පෞද්ගලික අංශය, බැංකු හා මූල්‍ය සමාගම් ඒකාබද්ධව නිවාස සැපයීම දිරිගැන්වීමට ඉදිරි වසර 5ක කාලය තුළ ප්‍රධාන නගරවල මහල් නිවාස ඒකක 10,000ක්.

 

More News..