ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ආයතනයට ලක්ෂ 2ක දඩයක්
20 August 2026
ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ආයතනයට ලක්ෂ 2ක දඩයක්
20 August 2026
ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ.
අලුත්කඩේ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කොළඹ 10, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි මෙම ආයතනයේ තිබී SLS 517 ප්‍රමිති ලාංඡනය නොමැති LSS නමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සොයාගෙන තිබේ.
අදාළ හිස්වැසුම් රුපියල් 1,800ක මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ බව අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේදී විත්තිකාර ආයතනය වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් 200,000ක දඩ මුදල නියම කර තිබේ.

