සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවම්
15 May 2026
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවම්
15 May 2026
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා මෙන් ම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජගත් සමන්තට වසර 5යි මාස 6ක සිරදඬුවමක් හලාවත මහාධිකරණය නියම කර තිබේ.
තව ද, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් එම ලක්ෂ 10 නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද අධිකරණය නියෝග කර ඇත.
2007 වසරේදී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයෙකු වීම ඇතුළු චෝදනා ඔහුට එල්ලවී ඇති චෝදනා වේ.

