brand logo
logo
 මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙකු මරුට

මහල් නිවාසයකින් ඇදවැටී දරුවෙකු මරුට

17 August 2026


කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අදාළ දරුවා මහල් 14කින් සමන්විත මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇදවැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 


මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 


 

More News..