වෛද්‍ය වැඩ වර්ජනයට සහාය පළ කරමින් නුවරඑළිය රෝහලෙත් විරෝධතාවක්
05 November 2026
වෛද්‍ය වැඩ වර්ජනයට සහාය පළ කරමින් නුවරඑළිය රෝහලෙත් විරෝධතාවක්
05 November 2026
දිවයින පුරා රජයේ වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනයට සහාය පළ කරමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාව සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් එක්ව සංවිධානය කළ විරෝධතා වැඩසටහනක් අද (05) දහවල් 12.00ට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.
දිවයින පුරා වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළ ඉල්ලීම් සහ අරමුණු සඳහා සහාය පළ කිරීමත්, වෛද්‍යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණ වී තිබිණි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාවේ නියෝජිතයන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම විරෝධතා වැඩසටහනට එක්ව සිටියහ.

