කුවේටයේ ගෘහ සේවක සේවිකාවන් 35ක් මෙරටට පිටුවහල් කරයි
29 November 2023
කුවේටයේ ගෘහ සේවක සේවිකාවන් 35ක් මෙරටට පිටුවහල් කරයි
29 November 2023
කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.
ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වීසා නොමැතිව රැදීසිටි ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට යොමුකර ඇති බව සඳහන්ය.

