වැලිකඩ සරම්ප
10 November 2026 | ඉෂාර රත්නකාර
වැලිකඩ සරම්ප
10 November 2026 | ඉෂාර රත්නකාර
සරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රැඳවූවන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ (09 වැනිදා) පියවර ගෙන තිබිණි.
අදාළ රෝගය ශීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති හෙයින් එම බන්ධනාගාරවල රැඳවූවන් කිසිවකු විවෘත අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර පාලනාධිකාරිය විසින් අධිකරණය වෙත ලිඛිතව දැනුම් දුන් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පැවසීය.
බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලිපියක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් දන්වා සිටියේ සරම්ප රෝගය පැතිරයන හෙයින් රැඳවූවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවයි.
එලෙස රැඳවූවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණයන් වෙත ඊයේ ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් එම අධිකරණවල සිරමැදිරි හිස්ව තිබෙන අයුරු දක්නට ලැබිණි.
රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සරම්ප රෝගය පවතින හෙයින් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙසට ඇතැම් නඩු කැඳවූ අවස්ථාවලදී නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීම්ද කළහ.

