brand logo
logo
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

07 October 2026

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


අද (07) පෙරවරු 11.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (08) අලුයම 1.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.


ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

More News..