මධ්‍යම තැපල් හුවමාරුවේ ආදායම රුපියල් බිලියන 4 ඉක්මවයි
25 November 2026
මධ්‍යම තැපල් හුවමාරුවේ ආදායම රුපියල් බිලියන 4 ඉක්මවයි
25 November 2026
මධ්‍යම තැපල් හුවමාරුව ලැබූ ආදායම ඉතිහාසයේ පළමු වරට රුපියල් බිලියන හතරේ සීමාව පසුකර ගොස් ඇති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පැවසිය .
මධ්‍යම තැපල් හුවමාරුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ටැබ්ලට් පරිගණක 1,500ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 101ක් ද, තැපැල් කාර්යාල සඳහා නව පරිගණක 225ක් වෙනුවෙන් රුපියල් මිලියන 74ක් ද වැය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසිය .
තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමට සහ ඩිජිටල්කරණයට ලක් කිරීමට ගත් පියවරවල ප්‍රතිඵලයක් ලෙස, 2025 සහ 2026 යන වසර දෙක තුළදීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට සිය අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වී තිබේ .


