බදුල්ල - මහියංගනය මාර්ගයේදී නිවසක් මතට ලොරියක් පෙරළෙයි
12 September 2026
බදුල්ල - මහියංගනය මාර්ගයේදී නිවසක් මතට ලොරියක් පෙරළෙයි
12 September 2026
බදුල්ල - මහියංගනය මාර්ගයේ මැඩිතලේ ප්‍රදේශයේදී නිවසක් මතට ලොරි රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් නිවසේ සිටි පියෙකු සහ ඔහුගේ පුතා මෙන්ම ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයා බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
බදුල්ල සිට මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෙම ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
ලොරි රථය අනතුරට පත්වීමට පෙර මාර්ගයේ නවතා තිබූ ත්‍රීවිලර් රථයකද ගැටී ඇති අතර පසුව අඩි 75ක පමණ ප්‍රපාතයේ තිබූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නිවසක් මතට ලොරිය පෙරළී ඇත.
අනතුර සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

