වන අලි ප්‍රහාරයකින් සේරුනුවර හේන් ගොවියෙකු මරුට
27 September 2026 | අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය
වන අලි ප්‍රහාරයකින් සේරුනුවර හේන් ගොවියෙකු මරුට
27 September 2026 | අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය
සේරුනුවර පොලිස් වසමට අයත් සිරිදූව කුඹුරු යායේදී අද(27) අලුයම හේන් ගොවියෙකුට එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් හේන් ගොවියා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි සේරුනුවර පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සේරුනුවර පදිංචි 47 හැවරදි තිදරු පියකි.
වන අලි ප්‍රහාරයන් මියගිය අයගේ මළසිරුර කුඹුරු යායේ වැටි තිබුණු අයුරු එහි ගිය ගොවීන් පිරිසක් දැක මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලිසියට හා සේරුනුවර වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමට කටයුතු කළේය.
පශ්වාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මූතූර් මූලික රෝහලට රැගෙන යෑමට නියමිතය.

