ලහිරු උදාරට අද තරගයේදි කුළුඳුල් නොවන කුලුඳුල් අත්දැකීමක්?
15 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට..
ලහිරු උදාරට අද තරගයේදි කුළුඳුල් නොවන කුලුඳුල් අත්දැකීමක්?
15 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට..
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අරඹමින් අද රාත්‍රියේ සවුත්හැම්ප්ටන් හී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ක්‍රිකට් තරගයේදී ලහිරු උදාර ක්‍රීඩා කරනු ඇතැයි සැලවේ.
එසේ වුවහොත් මෙය ඔහුගේ මේ ආකාරයේ පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම මෙය වන අතර,මෙයට පෙර 2023 ගොවැන්ෂු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇෆ්ගනිස්තානය සමගින් පැවැති තරගයට ලහිරු උදාර ක්‍රීඩා කළද එතෙක් මෙතෙක් පන්දුවාර 20 තරග අංශයේදී ජාත්‍යන්තර මට්ටමේ ද්වීපාර්ශ්වික, තුන්කොන් හෝ වෙනත් අයි.සී.සී තරගාවලියක් ඔහු විසින් ක්‍රීඩා කරනු ලැබ නැත.
නමුත් ඉන් මෙපිට පන්දුවාර 20 අත්දැකීම් ප්‍රමාණවත් තරම් ලබා ඇති ලහිරු උදාර එම ඉනිම් 85කදී ලකුණු 1883ක් ලබා ඉනිමක සාමාන්‍යය ලකණු 23ක් ඉක්මවා රඳවාගෙන සිටියි. මේ අතරින් ඉකුත් එල්.පී.එල් තරගාවලියේදී දැක්වූ දස්කම් ඔහුට පන්දුවාර 20 සංචිතයට එක්වීමට විශේෂයෙන් හේතුවූ අතර එහිදී ඔහු කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉනිම 9කදී ලකණු 434ක් සහිතව තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාබවට පත්විය.
අද තරගයේදී කුසල් මෙන්ඩිස්ගෙන් හිස්වන ස්ථානය ලහිරු වෙත හිමිවන අතර එලෙස ඔහුගේ අවස්ථාව තහවුරු වුවහොත් බොහෝවිට ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසෙනු ඇත.

