අගමැතිට ඉල්ලාඅස්වෙන්න කියලා විරෝධතාවක්
9 days ago
Share on
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් එරට අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චේස්ට ඉල්ලා අස්වන්නැයි බල කරමිඒ දැවැන්ත විරෝධතාවක් ආරම්භ වී තිබේ.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමාජවාදී රජය, ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කරන බවට ය.
අග්‍රාමාත්‍යයවරයා ද්‍රෝහියෙක් යැයි ලියූ සටන් පාඨ සහ ස්පාඤ්ඤ ධජ අතැතිව එරට ජනතාව විරෝධතාවට එක්ව සිටියහ.
30,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතා සඳහා එරට කොන්සර්වේටිව් විපක්ෂය, මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂය ඇතුළු දේශපාලනික කණ්ඩායම් රැසක් ද එක්ව තිබේ.