brand logo
logo
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලියත් ජය ගනී

රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලියත් ජය ගනී

22 August 2026


ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.


ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ මෙම තරගයේ දී මීටර් 88.14ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.


මෙම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.


මෙම තරගයේදී ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා, මීටර් 88.05ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත්විය.


එය නීරාජ් චෝප්රා මෙවර තරග වාරයේ දැක්වූ ඉහළම දක්ෂතාවද වේ.


තරගයේ තෙවන ස්ථානය හිමිවූයේ මීටර් 86.69ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.

 

More News..