ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්
05 November 2026
ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්
05 November 2026
එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
දෙරට අතර පැවැත්වෙන මෙම තරග සංචාරය එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් සමන්විතය.
තරග කාලසටහන අනුව මෙම පළමු එක්දින තරගය දෙසැම්බර් 13 වැනිදා දිල්ලි හිදී පැවැත්වීමට සංවිධානය කර තිබුණි.
කෙසේ වෙතත් එම කාලසීමාව තුළ ඇති විය හැකි කාලගුණික බාධා කිරීම් මෙන්ම දිල්ලි ක්‍රීඩාංගණයේ සිදුකිරීමට යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු මුල් කරගනිමින්, තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරන ලෙස දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය (DDCA) ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට අනුව දෙරට අතර පළමු එක්දින තරගය විශාකාපට්නම් හිදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

