සංගක්කාරට අයර්ලන්තයේ දී සිදුවූ අකරතැබ්බයක් ගැන x සටහනක්
29 October 2026
සංගක්කාරට අයර්ලන්තයේ දී සිදුවූ අකරතැබ්බයක් ගැන x සටහනක්
29 October 2026
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාරට සහ ඔහුගේ පවුලේ අයට, අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවූ බව සිය X ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පවසා ඇත.
ඒ, 'රයන්-එයාර්' (Ryanair) නම් ගුවන් සේවයට අයත් කාර්ය මණ්ඩලය විසින් ඔහුට සැලකූ තර්ජනාත්මක හැසිරීමක් හේතුවෙනි.
තමන්ට සහ පවුලේ අයට මුහුණදීමට සිදු වූ මෙම අත්දැකීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ට පත් වූ බවත් ඔහු සඳහන් කරයි
'රයන්-එයාර්' කාර්ය මණ්ඩලය තමන් ඇමති ආකාරය නොසුදුසු වූ බවත් අදාළ ක්රියාපටිපාට නිසි ලෙස ක්රියාත්මක නොවූ බවත් සංගක්කාර පවසයි.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ නිශ්චිත තත්ත්වයක් ගැන තොරතුරු තවමත් හෙළි වී නොමැත.
ඕනෑම මගියෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණු දීමට සිදුවීම පිළිඟත නොහැකි තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

