චීන දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙන ආ තිදෙනෙකු අත්අඩංගුවට
27 November 2026
චීන දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙන ආ තිදෙනෙකු අත්අඩංගුවට
27 November 2026
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද (27) දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් විසින් චීනයෙන් මිලදී ගත් මෙම දුම්වැටි තොගය මැලේසියාව හරහා දිවයිනට රැගෙන විත් ඇති බව අනාවරණය වී තිබේ. මෙලෙස රේගු භාරයට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ත් 32ත් අතර පසුවන ව්‍යාපාරිකයින් තිදෙනෙකි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 47,000ක් අඩංගු දුම්වැටි කාටූන් 235ක් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ දුම්වැටි රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම සැකකරුවන් තිදෙනාට රුපියල් 175,000ක දඩ මුදලක් ගෙවීමටද නියෝග කර තිබේ.


