කොන්ඩේ වැවෙන්න පනාවක්
19 November 2026
කොන්ඩේ වැවෙන්න පනාවක්
19 November 2026
චීනයේ බෙයිහාන් විශ්වවිද්‍යාලයේ (Beihang University) පර්යේෂකයන් පිරිසක් විසින් හිසකෙස් ගැලවී යාම සහ තට්ටය පෑදීම (Androgenetic Alopecia) සඳහා "Detangle" නමින් නව පර්යේෂණාත්මක ඉලෙක්ට්‍රොනික පනාවක් නිපදවා තිබේ.
මෙම පනාවේ දත් අතර ඇතිවන ස්පන්දිත විද්‍යුත් ක්ෂේත්‍ර (pulsed electric fields) මගින් සමට හානියක් නොවන පරිදි ඖෂධීය අණු ගැඹුරින් හිසකෙස් මුල් වෙත යැවීම සිදු කරයි.
රුධිර නාල වර්ධනය උත්තේජනය කරන අණුවක් (VEGF-A) සහ හිසකෙස් හැලීමට බලපාන DHT හෝමෝනය පාලනය කරන අණුවක් (SRD5A2 siRNA) මේ සඳහා භාවිත කර ඇත.
මීයන් යොදාගෙන දින 28ක කාලයක් සිදු කළ මූලික පරීක්ෂණවලදී, ප්‍රතිකාර කළ ප්‍රදේශවල 98% සිට 100% දක්වා හිසකෙස් වර්ධනයක් වාර්තා වී ඇති අතර, එය සාමාන්‍ය ප්‍රතිකාර වන මිනොක්සිඩිල් (minoxidil)වලට වඩා ඉහළ ප්‍රතිඵලයක් පෙන්නුම් කර ඇත.
මෙම තාක්ෂණය මේ වන විට පරීක්ෂා කර ඇත්තේ සතුන් යොදාගෙන පමණි.
වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට පෙර මෙහි ආරක්ෂාව, දිගුකාලීන සාර්ථකත්වය සහ ප්‍රායෝගික බව තහවුරු කර ගැනීම සඳහා මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂණ (clinical trials) සිදු කිරීම අවශ්‍ය බව විදෙස් වාර්තා සඳහන් කරයි.


