brand logo
logo
පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන දේශපාලන පක්ෂවලින් අදහස් විමසයි

පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන දේශපාලන පක්ෂවලින් අදහස් විමසයි

27 October 2026


පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පියවර ගෙන තිබේ.


ඒ අනුව, අදාළ විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් අදහස් විමසා ඇත.


එහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර් , නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව , ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.


පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවට පැවරී ඇති වගකීමකි.


මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලාෆර් සහ නීතිඥ සුනිල් වටගල ද සහභාගී වී තිබේ.

 

More News..