කළුතර ප්‍රදේශ රැසකට අද පැය 18ක ජල කප්පාදුවක්
26 December 2024
කළුතර ප්‍රදේශ රැසකට අද පැය 18ක ජල කප්පාදුවක්
26 December 2024
අද(26) ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට හෙට අලුයම 3.00 දක්වා එම ජල කප්පාදුව සිදුවනු ඇති.
කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.
ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳ වැටීමක් හේතුවෙන් සිදු කළ යුතු හදිසි අලුත්වැඩියාවක් මේ සඳහා හේතු වී ඇති බව සඳහන් විය.