brand logo
logo
රුපියල් කෝටියක පරවියන් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියක පරවියන් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

06 September 2026

පුත්තලම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විශේෂ වැටලීම් කණ්ඩායම විසින් කල්පිටිය බලකොටුව ආසන්න වරාය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා, මුදල් ඔට්ටුවට පැවැත්වෙන පරවි තරග සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන පරවියන් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත.


මෙම අත්අඩංගුවට ගැනීමේදී ජාවාරම සඳහා යොදාගත් බෝට්ටුවක්, එහි එන්ජිමක් සහ ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තොරතුරු අනාවරණය වී ඇත.


එක් පරවියෙකුගේ වටිනාකම රුපියල් 50,000ක් පමණ වන අතර, අත්අඩංගුවට ගත් මුළු පරවියන් සංඛ්‍යාවේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් කෝටියක් (ලක්ෂ 100ක්) පමණ වන බව පොලීසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 

More News..