brand logo
logo
විමල් වීරවංශට එරෙහි නඩුවක් කල්යයි

විමල් වීරවංශට එරෙහි නඩුවක් කල්යයි

02 November 2026


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මං මාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව දෙසැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


මෙම නඩුකරය අද(02) කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.


ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය දෙසැම්බර් මස 7 වනදා කැඳවන ලෙස නියම කළේය.


2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සීට් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.


මෙහි සෙසු විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය නම් කර තිබේ

 

More News..