සංචාරකයින් 1,600ක් රැගත් 'CORDELIA EMPRESS' මගී නෞකාව කොළඹ වරායට
26 November 2026
සංචාරකයින් 1,600ක් රැගත් 'CORDELIA EMPRESS' මගී නෞකාව කොළඹ වරායට
26 November 2026
'CORDELIA EMPRESS' මගී නෞකාව අද (26) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු වී තිබේ.
සංචාරක මගීන් 1,600ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 588 දෙනෙකු රැගෙන පැමිණි මෙම නෞකාවේ පිරිස අතරින් 1,800 දෙනෙකු අද දිනයේදී කොළඹ නගරය, පින්නවල අලි අනාථාගාරය සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා පිටත්ව ගොස් ඇත.
මෙම සංචාරකයින්ගෙන් සියයට 90ක් පමණ ඉන්දීය ජාතිකයින් වීම විශේෂත්වයකි.
ප්‍රධාන වශයෙන් ඉන්දීය සහ අග්නිදිග ආසියානු සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම නෞකාව, ඉන්දියාව තුළ දේශීය නාවික සංචාර මෙන්ම කලාපීය ජාත්‍යන්තර සංචාර ද සිදු කරනු ලබයි.
මීටර් 210ක දිගකින් යුත් මෙම මගී නෞකාව මහල් 11කින් සමන්විත වන අතර එහි මගී කාමර 796ක් පිහිටා ඇත.
2026-2027 සංචාරක සමයට අදාළව තවත් සංචාරක ගමන් වාර තුනක් සඳහා එළඹෙන දෙසැම්බර් 17, 24 සහ 31 යන දිනවලදී ද 'CORDELIA EMPRESS' නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතය.


