ඓතිහාසික මහා සමන් දේවාලයේ 801 වන ඇසළ පෙරහැර මංගල්‍යය
14 July 2026
ඓතිහාසික මහා සමන් දේවාලයේ 801 වන ඇසළ පෙරහැර මංගල්‍යය
14 July 2026
රත්නපුර ඓතිහාසික මහා සමන් දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් පවත්වනු ලැබූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ (13) රාත්‍රිය පුරා පැවැත්වුණි.
අද දින මහා සංඝරත්නය 59 නමකට අධික විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වෙයි.
ජූලි මස 15 වැනි දින කප් සිටුවීමද,
15 වැනිදා සිට 19 වැනිදා දක්වා කුඹල් පෙරහැර මංගල්‍යයද,
20 වැනිදා සිට 24 වැනිදා දක්වා දෙවේලේ පෙරහැර මංගල්‍යයද,
25 වැනිදා සිට 29 වැනිදා දක්වා මහා පෙරහැර මංගල්‍යය හෙවත් රන්දෝලි පෙරහැර මංගල්‍යයද,
ජූලි මස 30 වැනිදා දිය කැපීමේ පෙරහැර මංගල්‍යයද පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලලිත් ආනන්ද, සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ සංඛ මාපිටිගම යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

