brand logo
logo
  ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලයි

ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලයි

23 August 2026


බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.


ඊයේ (22) අම්බලන්තොට පොලිස් වසමේදී තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.


එහිදී මදන මෝදක කිලෝ 270 ග්‍රෑම් 994ක් හා ඒ සඳහා භාවිත කරන ගංජා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණ හා යන්ත්‍ර සූත්‍රද සොයාගෙන තිබේ.


මේ අතර ,වැටලීම් සිදුකරන අවස්ථාවේ දී එම නිෂ්පාදනාගාරය තුළ සකස් කරන ලද ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 100 ග්‍රෑම් 500ක්, පැකට් කරන ලද විවිධ බර හා මිල ගණන් යටතේ සකස් කළ මදන මෝදක පැකට් 11,133ක්, ගංජා ග්‍රෑම් 430ක් ද සොයාගෙන තිබේ.


පොලිස් භාරයට ගන්නා ලද ගංජා මිශ්‍ර මදන මෝදකවල වෙ‍ෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න වන අතර ඒවා සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 36,26,50ක් යන වයස්වල පසුවන සෙවනගල හා කිරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වෙයි.


මොවුන් මෙම නිෂ්පාදනාගාරය හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත.


සැකකරුවන් හා අදාළ භාණ්ඩ තොගය අම්බලන්තොට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර අද (23) හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

More News..