brand logo
logo
LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

08 August 2026


2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී තිබේ.


තරගයේ කාසියේ දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ හට හිමිව ඇති අතර ගෝල් ගැලන්ට්ස් පිළ මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසිනි.


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායම වැඩිම අවස්ථා සංඛ්‍යාවක් නියෝජනය කළ ක්‍රීඩකයා ලෙස දසුන් ශානක අද (08) වාර්තා පොත් අතරට එක්විය.


ඒ අනුව ඔහු එම කණ්ඩායම නියෝජනය කරමින් තරග 21කට ක්‍රීඩා කර තිබීමත් විශේෂත්වයකි. 


මීට සහන් ආරච්චිගේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් තරග 20කට ක්‍රීඩා කර තිබේ. 



 

More News..