ප්‍රංශයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි
14 November 2026
ප්‍රංශයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි
14 November 2026
ජීවන වියදම ඉහළ යාම සහ රාජ්‍ය සේවාවන්හි පවතින ගැටලු මුල්කරගනිමින් ප්‍රංශය පුරා පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්ව තිබේ.
විරෝධතා අතරතුර වෙළෙඳසැල් කොල්ලකෑම්, ගොඩනැගිලිවලට හානි සිදුකිරීම් සහ නගර සභා ගොඩනැගිල්ලකට ගිනි තැබීම ඇතුළු සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එම ගැටුම් හේතුවෙන් තරුණ විරෝධතාකරුවන් පිරිසක් ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් අන්ත වාමාංශික කණ්ඩායම් සහ අවස්ථාවාදී අපරාධකරුවන්ට චෝදනා එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, දහස් ගණනක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, පොලිස් පහරදීම් සහ විරෝධතා පෙළපාළි සීමා කිරීම හේතුවෙන් ජනතා විරෝධය තවදුරටත් උත්සන්න වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


