ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රීයේ
30 September 2026
ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රීයේ
30 September 2026
ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) රාත්‍රීයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අද (30) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් මාසයේ අවසන් දිනයේ දී ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇති බවය.
මිල සංශෝධනයේ දී ඩීසල් ලීටරයක් සඳහා රු. 70ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ මෙරට ඉන්ධන බෙදාහරින සමාගම් තමන්ට සිදුව ඇති පාඩුව පිළිබඳව දැනුම් දී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ඇතැම් සමාගම් ඩීසල් සඳහා රු 120ක්, රු 135ක්, රු 192න් හා රු 247ක් ආදී වශයෙන් පාඩු ලබන බව සඳහන් කර ඇතැයි පැවසීය.
ඉන්ධන සහනාධාරය ලබාදීම තුළ ඛනිජ තෙල් සංස්ථාව විශාල බරක් දරාගන්නා බවත්, සංස්ථාවට වසර අවසානයේ දී පාඩුවක් නොවීමට වැඩකරන බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා ඩීසල් සඳහා ලබාදෙන සහනාධාරය පෙට්‍රල් සඳහා ලබානොදෙන බවද කියා සිටියේය.

