උඩුවර කන්දක සිට ගල් කඩා වැටීමේ අවධානමක්
30 October 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
උඩුවර කන්දක සිට ගල් කඩා වැටීමේ අවධානමක්
30 October 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
අයහපත් කාලගුනය සමග හාලිඇල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් උඩුවර- කොලනිය ගම්මානයට ඉහලින් පිහිටි කන්දක සිට පහලට ගල් කඩා වැටීමේ අවධානමක් ඇතිවී තිබේ.
අද ගල් කීපයක් නිවසක් මතට කඩා වැටී එම නිවසට හානි සිදුවූ නමුත් නිවැසියන්ට අනතුරක් සිදුවී නැති බවත් පවතින අවධානම හේතුවෙන් පවුල් 15 කට අයත් පුද්ගලයන් 46 දෙනෙක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර සුරක්ෂිත ස්ථාන් වලට යැවූ බවත් හාලිඇල ප්රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.

